ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
බුද්ධිමය දේපළ විෂය, නීති ක්ෂේත්‍රය සහ මීට අදාළ අනෙකුත් අමාත්‍යාංශ නියෝජනය වන පරිදි නිලධාරීන් සහ විෂය පිළිබඳ විද්වතුන්ගෙන් මෙම කමිටුව සමන්විත වනවා.
