03 November 2025

logo

ඉන්දියාවේ බිහිසුණු අනතුරක්



ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයකදී රිය අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 16ක් පමණ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බවයි. 

බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, බස් රථයක් හා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
 
එමෙන්ම අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 40ක් පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. 

එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ටිපර් රථය රියදුරු සහ තවත් මගීන් 08දෙනෙක් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙන බවයි. 

(colombotimes.lk)