05 November 2025

logo

බගවන්තලාවේ ත්‍රීරෝද රථ ලියාපදිංචිය ඇරඹෙයි



බගවන්තලාව නගරයේ ධාවනය වන සියලුම කුලී ත්‍රීරෝද රථ සහ ප්‍රදේශයේ වතු කම්කරුවන්ගේ ඇතුළු ප්‍රදේශවාසීන්ගේ පෞද්ගලික ත්‍රීරෝද රථ ලියාපදිංචි කර එම ත්‍රීරෝද රථ සඳහා ස්ටිකර් ඇලවීම අද (05) සිදු කර තිබෙනවා.

ඒ බගවන්තලාව පොලිස් ස්ථානයෙදීයි.

දිනෙන් දින සිදු වන අපරාධ වළක්වා ගැනීමේ පහසුව සඳහා පොලීසිය විසින් මෙය හදුන්වාදී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ත්‍රීරෝද රථ රියදුරු විසින් මෙම ස්ටිකරය සඳහා රු.200ක මුදලක් ගෙවා ලබා ගත යුතු බවයි.
 
(colombotimes.lk)