05 November 2025

logo

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහට ඉහළම සම්මානයක්



රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ හට ''මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය'' පිරිනමා තිබෙනවා.

රුසියාව සිවිල් පුරවැසියෙක්ට පිරිනමන ඉහළම ගෞරව නාමයක් සහිත සම්මානයක් වන මෙය ඊයේ (04) එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ. 

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබෙනවා.

(colombotimes.lk)