15 December 2025

logo

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන්ට සහනදායී ණය පහසුකමක්



බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන්ට 3%ක අඩු පොලී අනුපාතයකට සහනදායී ණය පහසුකම් ලබාදීම සඳහා මහජන බැංකුව සහ බස්නාහිර පළාත් සභාව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. 

ඒ බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි. 

බස්නාහිර පළාත් ආණ්ඩුකාර එච්. එම්. හනීෆ් යූසුෆ්, ප්‍රධාන ලේකම් කේ. ජී. පී. පුෂ්පකුමාර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) සේනක පී. සිල්වා, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය, වික්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරී (සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) නලිකා ලියනගේ සහ අනෙකුත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා. 



(colombotimes.lk)