15 December 2025

logo

තවත් මානුෂීය ආධාර තොගයක් රැගත් නෞකාවක් දිවයිනට



පාකිස්ථාන රජය විසින් මෙරට විපතට පත් ජනතාවට ලබාදීමට පරිත්‍යාග කරන ලද මානුෂීය අධාර අන්තර්ගත බහාලුම් තොගයක් රැගෙන විශේෂ නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා.

එම ආධාර තොගය අද (15) ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් විසින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම මානුෂීය ආධාර අතරට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු වනවා. 

එමෙන්ම කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල්, ඇඳ ඇතිරිලි, ජල පොම්ප සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් මෙන්ම විදුලිය නොමැති කඳවුරුවල හා නිවෙස්වල අවතැන් වී සිටින, ආපදාවට ලක්වී ඇති ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආලෝක පහන් තොගයක් ද මෙම මානුෂීය ආධාර අතරට අයත්.

(colombotimes.lk)