අධිකරණ කටයුතු මගහැර නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ඊයේ (12) රාත්‍රියේ අදාළ සැකකරු මෙරටට රැගෙන විත් ඇති බවයි.
මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නැමති අදාළ අපරාධකරු කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙක් බව බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)