09 January 2026

logo

රිය අනතුරු ගැන භයානක අනාවරණයක්



2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මාර්ගවල සිදුවන රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා. 

ඒ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එලෙස සිදු වී තිබෙන මාර්ග අනතුරු විශ්ලේෂණය කළ විට ප්‍රධාන වශයෙන් අනතුරට ලක් වී ඇත්තේ පදිකයන් සහ යතුරුපැදිකරුවන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් වෙන්කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. 

(colombotimes.lk)