රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඔහු අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එලෙස ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා.
(colombotimes.lk)
