දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සහ නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන අද (09) අනුරාධපුරයෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ආරම්භ වනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගනය, සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය රීදිගම සහ දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙන බවයි.
(colombotimes.lk)
