ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර පවසනවා.
ඔහු කියා සිටියේ එය මිලිමීටර 38ක අගයක් ගන්නා බවයි.
එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල වර්ෂාපතය මිලිමීටර 10ට අඩු මට්ටමක පැවති බවත් ඒ හේතුවෙන් ගංගාවල ජල මට්ටම වැඩිවීමක් වාර්තා නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ නමුත් ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවවමත් වාන් දැමීම සිදුවන බවයි වාර්තා වන්නේ.
යාන්ඔය හා දැදරු ඔය ජලාශයන්හී ජලය නිදහස් කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ඇති වුවත් කිසිදු ගංගා ද්‍රෝණියක අනතුරුදායක ලෙස ජලය නිදහස් කිරීමක් සිදු නොවන බවත් ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
