දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (09) පෙරවරු 11:45ට වසා දැමීමට තීරණය කර ඇති බව ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඇය කියා සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම පවතින තත්ත්වය අනුව ඉදිරි තීරණ ගැනීම සඳහා සියලුම විදුහල්පතිවරුන්ට පූර්ණ බලය පවරා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
