දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ නිවාස 20,000 - 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කිරීමට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (09) පෙරවරුවේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින්.
මෙම වැඩසටහන අද (09) පෙරවරුවේ ජනාධිපතිවරායාගේ ප්‍රධානත්වයෙන් ගල්නෑව හඳුන්ගම අලුබැද්ද මංසන්දියේදී පැවැත්වුණා.
(colombotimes.lk)
