29 October 2025

logo

ඩෙංගු රෝගය ගැන භයානක අනාවරණයක්



වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 40649 වාර්තා වී තිබෙනවා.
 
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ගතවූ සතිය තුළ දිවයින පුරා වාර්තා වූ රෝගීන්ගෙන් 50%ක් පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බවයි. 

වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවධානමත් පවතින බව ඒකකය වැඩිදුරටත් සඳහන් කළා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරියේදී ඩෙංගු රෝග මර්ධන වැඩසටහන් සහ ගොඩනැගිලි ආශ්‍රිත ප්‍රදේශ පරීක්ෂා කිරීමේ වැඩසටහන් වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි.
 
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු හේතුවෙන් රෝගීන් විසිදෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. 

(colombotimes.lk)