28 October 2025

logo

ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා සිය ධූරයේ වැඩ අරඹයි



ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ අද (28) සිය ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඒ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඊයේ (27) සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබෙනවා. 

ඔහුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම ගිය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කළා. 


(colombotimes.lk)