01. මත්පැන් නිෂ්පාදන මත බදු අය කිරීමේ කාලය සංශෝධනය කරයි
මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළ වන රීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සෑම බලපත්‍රලාභියෙක්ම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙක්ගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට් නිවේදනයේ සඳහන්.
ඊට අමතරව නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇති විට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්වා පැවති අතර එය මාස 03ක් දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන ඇති බවයි.
සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම නව බදු ගෙවීමේ කාලසීමාව සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
02. රටවල් දෙකක අමුත්තන් දෙදෙනෙක් අද මත්තලට
පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන්යානයක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
සංචාරකයන් පිරිසක් සමඟ අදාළ ගුවන්යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (28) ළඟාවීමට නියමිතයි.
එම ගුවන්යානය සංචාරකයන් 170දෙනෙක් සමඟ පැමිණීමට නියමිතව තිබෙනවා.
රුසියාවට අයත් රෙඩ්වින්ග්ස් ගුවන් සේවයේ ගුවන්යානයක් ද අද (28) දිවයිනට පැමිණීමට නියමිතයි.
03. කැරට් 22 රන් මිල පහළට
පසුගිය සති කිහිපයට සාපේක්ෂව මෙරට රන් මිල අද (28) රුපියල් 3,000කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 298,000ක් ලෙසයි.
04. වැලිගම සභාපති ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙක් රිමාන්ඩ්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් එළඹෙන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔවුන් අද (28) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
05. ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා සිය ධූරයේ වැඩ අරඹයි
ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ අද (28) සිය ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.
ඒ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඊයේ (27) සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබෙනවා.
ඔහුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම ගිය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කළා.
