28 October 2025

logo

අයහපත් කාලගුණයෙන් බෝග වගාවන්ට සිදුවූ හානිය ගණනය කිරීම අරඹයි



පැවති අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව ගණනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ මේ වන විට වී වගා කටයුතු ආරම්භක අවධියේ පැවතීම හේතුවෙන් පැවති වර්ෂාපතන තත්ත්වයෙන් වී වගා හානි වාර්තා වී නොමැති බවයි.

එමෙන්ම නොමිලේ රක්ෂණ ආවරණය ලබන අනෙකුත් බෝග සඳහා සිදුවූ හානිය පිළිබඳව මේ වන විටත් නිශ්චිතව වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.

මණ්ඩලයේ නිලධාරීන් තවදුරටත් ගොවි ජනතාව හා සම්බන්ධ වෙමින් වගාවන්ට සිදුවූ හානි පිළිබඳව තොරතුරු ලබාගෙන සහන සැලසීමට අදාළ වැඩසටහන් සකස් කරමින් සිටින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)