ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම සංවිධානය සඳහන් කළේ ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි.
නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ගෝලීය දුම්කොළ භාවිතය අඛණ්ඩව පහත වැටීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගෝලීය දුම්කොළ භාවිතය 2024 වසර වන විට බිලියන 1.38 සිට බිලියන 1.2 දක්වා පහත වැටී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ එම කර්මාන්තයේ යෙදී සිටින්නන් ඊ-සිගරට් වැනි විකල්ප නිෂ්පාදන වෙත යොමු වී ඇති බවයි.
(colombotimes.lk)