17 September 2025

logo

ඖෂධ 2 ක ගුණාත්මකභාවය ගැන තීරණයක්



ඖෂධ වර්ග 2 ක ගුණාත්මකභාවය යළි පරීක්ෂාවට ලක් කිරීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අදාළ ඖෂධ ලබාගැනීමෙන් පසු රෝගීන් මියයාම සහ විවිධ ආසාත්මිකතා වලට ගොදුරුවීම සළකා බලා එම තීරණය ගෙන ඇති බව සඳහන්.

එම අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්තා මහතා සඳහන් කළේ, මෙම ඖෂධ වර්ග දෙක ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්ව එම ඖෂධ වර්ග දෙක මෙරට භාවිතයට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව ක්‍රියාත්මකයි.
(colombotimes.lk)