අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරයන පුද්ගලයන් බොහෝ පිරිසක් පාතාල ක්‍රියකාරීන් සමඟ සම්බන්ධවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළා.
ඒ අද (22) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මීට කෙටි කාලයකට පෙර විධානයක් ලබාදුන් බවයි.
කෙටි කලක් තුළ අවි පුහුණුව ලබා හමුදාවෙන් පළාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට සහ පොලීසියට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)