22 May 2025


නව COVID - 19 ගැන විශේෂ දැනුම්දීමක්



ශ්‍රී ලංකාව තුළ නව 'COVID - 19' ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහසඳහන් කළා.

ඒ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත මත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

පසුගිය සති කිහිපයේදී ආසියානු රටවල් කිහිපයක 'COVID - 19' ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත් මෙම රෝගී තත්ත්වයට මුහුණදීමේ හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් ඊට හේතු විය හැකි බවත් ඔහු සඳහන් කළා.

එය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර තීව්‍ර කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 
(colombotimes.lk)