22 May 2025


චරිත්ගේ සහ ධනංජයගේ පෙත්සමට අද ලැබුණු අලුත්ම තීන්දුව



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් සේ සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම වැඩිදුර සලකාබැලීම සඳහා ලබන 28වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.

ඒ අභියාචනාධිකරණය විසින්.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. 

(colombotimes.lk)