04 July 2025

logo

අමාත්‍යාංශ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සිදු කරන මූල්‍ය වංචාවක් ගැන හෙළිදරව්වක්



සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරී‍මේ ජාවාරමක නිරතවී සිටින බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් දුරකථන, WhatsApp හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කර මුදල් එකතු කිරීමේ ක්‍රියාවක නිරත නොවන බවයි.

එවැනි වංචාකරුවන්ට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම්දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසයි.

(colombotimes.lk)