20 December 2025

logo

ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි



වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 52කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9න් ජලාශ 3ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජාලශ 9ක්ද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 07න් 04ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ 02ක්ද මේ වන විට වාන් දමන බවයි.

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් එක් ජලාශයක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ තුනමද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 03ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් ජලාශ 02කද මේ වන විට වාන් දොරටු විවෘත කර තිබෙනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ 02ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකමද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05න් ජලාශ 4ක්ද, වව්නියාව දිස්ත්‍රික්කයේ එක් ජලාශයක්ද වාන් දමන බවයි. 

(colombotimes.lk)