දකුණු ඇමරිකාවේ ගයානාහි පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 20 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගින්නෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව එම වාර්තා වල වැඩිදුරටත් දැක්වෙනවා.
තුවාල ලැබූ සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සෞඛ්‍ය ප්‍රධානීන් විසින් රෝහල්වලට නියෝග කර ඇති බව සඳහන්.
මේ අතර එරට ජනාධිපතිවරයා මේ සම්බන්ධව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)