බේරුවල මුහුදේ ධීවර කටයුතුවල යෙදී සිටි යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් එහි ගමන්ගත් ධීවරයෙක මියගොස් තිබෙනවා.
බේරුවල පොලීසිය සඳහන් කළේ තවත් ධීවරයෙක් තුවාල ලබා බේරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එලෙස මියගිය ධීවරයා 41 හැවිරිදි වියේ පසුවන මග්ගොන, කපුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔවුන් ඊයේ (06) රාත්‍රියේදී මුහුදු ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.
(colombotimes.lk)