04 January 2026

logo

විදේශිකයෙක්ට දිවි අහිමි වෙයි



වැලිගම වෙරළ මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ සිදු වූ අනතුරකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ එම විදෙස් ජාතිකයා මාර්ගයේ ගමන්කරමින් සිටියදී මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ ජීප් රථයක ගැටී අනතුරට ලක් වූ බවයි. 

වයස අවුරුදු 42ක් වූ ස්ලෝවැකියානු ජාතිකයෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා. 

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු වලාන රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)