09 October 2025

logo

ඉන්දු - ඇමරිකානු සබඳතාවලට කොළ එළියක්



ට්‍රම්ප් පරිපාලනය පැන වූ තීරු බදු හමුවේ සංකීර්ණ වී තිබූ ඉන්දු - ඇමරිකානු සබඳතා සඳහා කොළ එළියක් දල්වමින් දෙරටේ නායකයන්ගේ සුහද අදහස් හුවමාරුවක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා ගැටුම අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සැලැස්මට ඉන්දියාව සහය දක්වා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවිඩය ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social ඔස්සේ නැවත පළ කර තිබීම ජාත්‍යන්තරයේ වැඩි අවධානයට යොමුවී තිබෙනවා.

එම සටහන ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ගාසා ගැටුම අවසන් කිරීම සඳහා පුළුල් සැලැස්මක් පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය සාදරයෙන් පිළිගන්නා බවයි.

මෙම සැලැස්ම පලස්තීන සහ ඊශ්‍රායල ජනතාවට මෙන්ම විශාල බටහිර ආසියානු කලාපය සඳහා දිගුකාලීන සහ තිරසාර සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා ශක්‍ය මාවතක් ලබාදෙන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)