ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් අද (24) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
එම පිරිස එළඹෙන 30වනදා දක්වා මෙරට තුළ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් ඔවුන් විශ්ලේෂණයක නිරත වන බවයි.
(colombotimes.lk)
