24 June 2026

logo

විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීමට කැබිනට් අනුමැතිය



විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
 
ප්‍රවාහන ,මහාමාර්ග හා නාගාරික සංවර්ධන අමාත්‍යවරයා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අධික මගී තදබදයක් පවතින දුම්රිය මාර්ගයන්වල විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගම්පහ, වේයන්ගොඩ, මීරිගම සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන ගොඩනැගිලි සංවර්ධනය ද ඇතුළු මරදානේ සිට රාගම දක්වා දුම්රිය මාර්ගය, කැළණිවැලි මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා දුම්රිය මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ මරදාන සිට පානදුර දක්වා දුම්රිය මාර්ග විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනිමට නියමිතයි.



(colombotimes.lk)