24 June 2026

logo

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට



විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද (24) සිට 26වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව Clean Sri Lanka ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
 
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේ ඩෙංගු උවදුර තුරන් කිරීමටනම් පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ මදුරු කීටයන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි. 

ඉදිරි දින කිහිපය තුළ ජනතාව තවදුරටත් දැනුවත් කරමින්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම පිළිබඳ ඔවුන් පෙළඹවීම වෙනුවෙන් දායකත්වය ලබාදෙන ලෙස මාධ්‍ය ආයතන සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)