සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් සහ මුදල් වංචාවක විමර්ශන සඳහා අවශ්‍ය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායිහි සැඟව සිටි මෙම පිරිස විශේෂ පොලිස් නිළධාරී කණ්ඩායමක් විසින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙන බවයි වාර්තා වන්නේ.
ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචි 52හැවිරිදි වියේ පසුවන රවීන් චමින්ද වීරසිංහ (පුංචා), කඳාන ප්‍රදේශයේ පදිංචි 30හැවිරිදි වියේ පසුවන කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර (චූටි මල්ලි) සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවන කසකාරගේ රුජා නිශාමනී ද සිල්වා යන අයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
