16 January 2026

logo

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයක්



2026 වසරේ 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමව්පිය එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (16) විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ 06 ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්. 

එම විරෝධතාවයට දෙමාපියන්ට අමතරව කුඩා දරුවන් ද එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලය හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුල දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බවයි. 

(colombotimes.lk)