16 January 2026

logo

විදේශිකයන් පිරිසක් ගමන්ගත් වෑන් රථයක් අනතුරකට ලක්වෙයි



නුවරඑළියේ සිට ඇල්ල දක්වා විදේශිකයන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය වෙමින් තිබූ වැන් රථයක ගැටීමෙන් ඊයේ (15) අනතුරක් සිදු වී තිබෙනවා.
 
ඒ නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැව අසලදීයි.

පොලීසිය සඳහන් කළේ වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය කළ වෑන් රථයට අධික වේගය පාලනය කර ගත නොහැකිව මංතීරුවෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි. 




(colombotimes.lk)