16 January 2026

logo

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු නිවේදන



විදෙස් රටවල්වල සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95දෙනෙක්ට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් ප්‍රකාශ කළා.
 
ඒ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ 2024 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 10දෙනෙක් මෙන්ම 2025 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 11දෙනෙක්ද මෙරටට රැගෙන ආ බවයි.
 
එමෙන්ම එම වසර දෙක තුළ උදර්පන නීතිය හරහා සැකකරුවන් 21දෙනෙක් මෙරටට ගෙන්වා ගැනීමටද හැකියාව ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

(colombotimes.lk)