මාස කිහිපයක් ඇතුළත ඇපල් සමාගමේ නවතම දුරකථන මාදිලිය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව නවතම iPhone 15 දුරකථනය මෙලෙස වෙළෙඳපොළට නිකුත් කරනු ලබන බව සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම දුරකථනය සඳහා USB Type-C වර්ගයේ cahrging cable එකක් හඳුන්වා දීමට නියමිත බවයි.
එසේම මෙම ජංගම දුරකථනය iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro & iPhone 15 Pro Max ලෙස මාදිලි 04 කින් වෙළෙඳපොළට නිකුත්කරනු ඇති බව සඳහන් වනවා.
මේ අතර මෙම නව iPhone 15 හි ඉදිරිපස සහ පසුපස කැමරාවන් හි විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද එම වාර්තා පවසනවා.
එසේම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ iPhone 15 මාදිලිය සැප්තැම්බර් මස 07 වනදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බවයි.
(colombotimes.lk)