09 October 2025

logo

විදුලි ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්



ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම අදින් (08) අවසන්වීමට නියමිතව තිබෙනවා. 

සියලු පළාත් ආවරණය වන පරිදි පසුගිය සැප්තැම්බර් 18වනදා සිට මහජන අදහස් ලබාගැනීම ආරම්භ වූ අතර අද (08) අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. 

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මඟින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. 

මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් අවසන් තීරණය මේ මස දෙවන සතියේදී ප්‍රකාශය කිරීමට නියමිත බවයි. 
 
(colombotimes.lk)