12 January 2026

logo

ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට දැවැන්ත ඉලක්කයක්



සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් T20 තරගය මේ වන විට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රණය කළ පාකිස්ථාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 12ක් තුළ ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 161 ක්.




(colombotimes.lk)