03 January 2026

logo

ලොව පුරා ජනතාවගේ හිත් දිනාගත් විනිසුරුවරයෙක් දිවි ගමනට සමුදෙයි



ගෞරවනීය විනිසුරුවරයෙක් ලෙස ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දීර්ඝ කාලීනව පිළිකා රෝගී තත්ත්වයෙන් සිටි ඔහු ඊයේ (20) මියගොස් ඇති බවයි. 

ෆ්‍රෑන්ක් කැප්රියෝ මිය යන විට 88 හැවිරිදි වියේ පසු වුණා. 

ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙස ඔහු කටයුතු කර තිබෙනවා.

ඔහු සිය නඩු ඇසීමේ ක්‍රියාවලිය තුළදී ආදරය, කරුණාව වැනි ගුණාංග ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් ලොව පුරා ජනතාවගේ කතාබහට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)