02 January 2026

logo

වසර 150කට වඩා පැරණි දේවස්ථානයක් ගිනි ගනියි



නෙදර්ලන්තයේ නව අවුරුදු සැමරුම් අතරතුර වසර 150කට වඩා පැරණි දේවස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇම්ස්ටඩෑම් අගනුවර පිහිටා ඇති 1872 වසරේ ඉදිකර තිබෙන දේවස්ථානයක් එලෙස ගිනිගැනීමට ලක් වූ බවයි. 

කිසියම් පුද්ගලයෙක් දේවස්ථානයට හිතාමතා ගිනි තබා ඇත්දැයි හෝ ගිනිකෙළි හේතුවෙන් ඊට ගිනි ඇවිලුනේදැයි යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

ඒ අවට ජීවත් වන පුද්ගලයන් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිවාස 100ක පමණ විදුලිය ද ඇණහිට තිබෙනවා. 

මේ අතර නෙදර්ලන්තයේ නව අවුරුදු සැමරුම් අතරතුර ගිනිකෙළි හේතුවෙන් සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් දෙදෙනෙක්ද මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)