03 January 2026

logo

ඉතිහාසයේ පළමුවරට පොල් අපනයන ආදායම ඉහළට



ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම ඇමරිකානු ඩොලර්  බිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. 

අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)