03 January 2026

logo

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්



ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් ඊයේ (02) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා. 

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. 

එලෙස පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිය ප්‍රථම නිල හමුව අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශාලාවේදී පවත්වා තිබෙනවා.
 
එහිදී ඔහු මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව නිලධාරීන් දැනුවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)