2026 ජනවාරි මස 01වනදා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලය වන පීපල්ස් ටවර්හීදී කාර්ය මණ්ඩල සාමාජිකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ප්‍රකාශ කරමින් නිල වශයෙන් රාජකාරී ආරම්භ කර තිබෙනවා.
එහිදී මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා විසින් රැස්ව සිටි පිරිස අමතා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වැඩසටහනට සෙත් පිරිත් සජ්ඣායනා මෙන්ම බහු ආගමික වතාවත් ඇතුළත් වී තිබෙනවා.
ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයන්, වෘත්තීය සමිති, ආගමික සංවිධාන සහ අනෙකුත් ස්වේච්ඡා ආයතනවල නියෝජිතයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඊට සමගාමීව දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛාවල ද මෙවැනිම උත්සව පවත්වා තිබෙනවා.




