මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල - මීගොල්ල ප්‍රදේශයේ තිබූ නායයෑම් ස්ථානයක් අද (10) අලුයම යළි සක්‍රීය වී තිබෙනවා.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් නිර්මලා කුමුදුනි සඳහන් කළේ මෙම නායයෑම හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි වාර්තා නොවන බවයි.
මේ අතර බදුල්ල - මහියංගනය මාර්ගයට, ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
බදුල්ල සහ කන්දකැටිය අතර මෙලෙස පස් කඳු කඩා වැටී ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය එම පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)
