17 September 2025

logo

පාසල් ළමුන්ගේ ආරක්ෂාවට ළා පැහැති ඇඳුමක් අද සිට



නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාතේ පාසල් ළමුන්ට අද සිට අවසර ලබා දී තිබෙනවා.

පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් මහතා සඳහන් කළේ, ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බව ඩෙංගු සහ කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුව සඳහන් කළා.

එම කමිටුවේ ලේකම් බුද්ධිකා ගමගේ මහත්මිය කියා සිටියේ, අදාළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මකයි.
(colombotimes.lk)