15 July 2025

logo

සුඛෝපභෝගි නෞකාවක් කොළඹ වරායට



ඇමෙරිකානු සුඛෝපභෝගි මගී ප්‍රවාහන නෞකාවක් අද පස්වරුවේ කොළඹ වරායට පැමිණ තිබෙනවා. 

එහි සංචාරකයින් 570 ක් සහ කාර්යමණ්ඩලය 369 දෙනෙක් සිටි බව සඳහන්. 
 
ඉන්සිග්නියා නමැති මෙම නෞකාව ඉන්දියාවේ - කොචී සිට පැමිණි තිබෙනවා. 
 
නෞකාවෙන් පැමිණි සංචාරක පිරිස කොළඹ නගරය ආශ්‍රිතව සංචාරය කිරීමට නියමිත අතර හෙට රාත්‍රියේ නෞකාව මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වනවා.
(colombotimes.lk)