19 August 2025

logo

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



සෙවනගල ප්‍රදේශයේ හබුරුගල බෝධිරාජ වැවේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ මහගම ජනපදය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙක් සමඟ වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී දියේ ගිලී මියගොස් ඇති බව සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. 

(colombotimes.lk)