ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්ය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවට පැමිණීමේදී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයන් ඒ අනුව මෙම අවසර පත්‍රය ලබාගත යුතු වනවා.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ඇමරිකාව සිය සංචාරක උපදේශනය මඟන් දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
(colombotimes.lk)