14 October 2025

logo

හිටපු අමාත්‍ය මනූෂගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කරයි



අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මනූෂ නානායක්කාර හෙට (15) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)