ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීරණයේදී ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නේපාලයේදීයි.
ඇය සමඟ තවත් සැකකරුවන් පස් දෙනෙක් ද අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, නේපාලයේ ආරක්ෂක අංශ සමඟ එක්ව කළ විශේෂ මෙහයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස හෙට (15) දිවයිනට රැගෙන ඒමට කඩිනමින් පියවර ගන්නා බවයි.
(colombotimes.lk)